Sunday, October 28, 2012

ලෝක විනාශය




නුතන විද්‍ය්යාවට වැරදුනද
2012 ලෝක විනාශය..

මයා වරුන් ගේ කීම සැබෑවකර
වදන් වලින්,පොරොන්දු වලින් 

හැඩ ගෙන්නූ මගේ ලෝක්ය
මව්කිරි සුවද වත් යන්නට පෙර

දවා අළුකර ,සැකය බීතිය
වඉර්ය වපුරවා...

හිනැහෙන අපූරුව ඔබ 
දෙසැම්බරයට පෙර 


Thursday, October 18, 2012

පිටසක්වළ යානා බ්‍රහස්පති පසුකොට හමාරයි


                              
 "පිටසක්වළ අභ‍ය්‍යවකාශ යානා පෘථ්විය දෙසට පැමිණෙමින් තිබෙන අතර ලබන නොවැම්බර් පෘථ්වියට ලගා වනු ඇත.මෙවයින් විශාලතම යානා පළලින් සැතපුන් 200 පමණ වේ. අනෙකුත් යානා දෙක ඊට වඩා ප්‍රමාණ්යෙන් කුඩා වෙයි.ඉතා වේගයෙන් පෘතුවිය දෙසට පෙමිණෙමින් තිබෙන මේ යානා මේවන විට බ්‍රහස්පති ග්‍රහයා පසු කොට හමාරය.එම යානා ගමන් කරන්නා වූ වෙගය සලකා බලන්ව විට ඒව මෙම වසරේ (2012)නොවැම්බරයේදී පෘථ්විය්ට ළගා වනු ඇත."       


ඉහත දැක්වෙන්නේ පිටසක්වළ යානා හා පිටසක්වළ ජීවින් පිළිබද ඇමරිකාවෙහි ප්‍රසිද්ද වෙබ් අඩවියක වූ එක්තරා පුවතකි.පිටසක්වළ වන එකී පුවතට අනුව පෘථිවිය දැඩි අනතුරකට මුහුණ පා තිබේ. පිටසක්වළ ජීවින් පෘථිවිය ආක්‍රමණය අත ළගය.

   පිටසක්වළ ජීවින් කවරෙක් දැයි තවමත් හරි හැටි නොදන්නා අවදියක  මෙවැනි පිටසක්වළ ජීවින් පෘථිවිය ආක්‍රමණය අත ළග බව කන වැකීම පෘථිවසීන් භීතියට පත් කරවන කරනයකි.

---------------------------------------------------------------------------------
ඒ මම සදහන් කළේ  පිටසක්වළ ජිවීන් පිළිබදව ලන්කාවේ පුවත් පතක පළ වුනු ලිපියකින් උපුට ගත්ත කොටසක්.
   
මේක දැකල සමහරු පුදුම වෙන්න ඇති ,සමහරු ඔන්න පචයක් කියලා හිට්නන්න ඇති, තවත් සමහරු බයවෙන්නත් ඇති.කොහොම හරි වෙතත් මමත් මේ පුවත අන්තර්ජාලයේ කීප පලකම දැක්කා.ඉතින් මේ පුවත ඔයාලට කියන්න හිතුවේ එකක් පෙර සුදානමකට හොද නිසාත් අනිත් එක මට තියන මේ පිස්සුව ඔයාලටත් හදවනන් ඔනේම නිසාත් මම අද මේ විශය තොරා ගත්තා

    ඉලන්දරියා පොඩි කලේ ඉදන් මේ පිටසක්වල ජීවීන් ගැනයි හොල්මන බුත අවතාර ගැනයි හොයන්න බලන්න දකින්න  අසාමන්‍ය විදියට අසා කලා.ඒ අතරින්  බුත අවතර හොල්මන් ගැන හොයන්න බලන්න ටිකක් බයක් දැනුන නිසාම මම පිටසක්වල ජීවින් කියන විශය පැත්තට ගොඩාක් නැඹුරු උනා.අසා කරා .පුළු පුළුවන හැම වෙලාවකම අන්තර්ජාලයෙන්,පොත් පත් වලින් ,පත්තර වලින් බොහෝ දේ සොයා ගන්න සමත් උනා.කොහොම වෙත්ත පිටසක්වල ජීවින් ගැන තිබ්බ පිස්සුව නම් අඩුවක් උනේ නැහැ.

      ඉලන්දාරියට ලොකු සහොදරයෙක් හිටියා.දැනුත් ඉන්නවා මිනිහ දැන බැදල ඒහෙම ලොකු මිනිහෙක්.ඉතින් මට මතකයි මම "ඇච්චාකලේ " දැන්නේ "ඉලන්දාරිය" නැත්තන් ඇච්චා තමා තාමත්.ඔය කලේ අපේ ලොකු එකාටත් ඔය පිටසක්වල ජීවීන් පිස්සුව තිබ්බා. දවසක් ඔන්න මට මතකයි අපෙ අම්ම බෙරිහන් දේනවා එළිය බලාගෙන.ඇච්චාත් ගියා ඉතින් ඇයි බලන්න බැළින්නම් අපේ ලොකු එකා අම්මාගේ බෙලෙක් පිගන් දෙකක් අරන් එක පිට එක ටියල  පියාබන පිරීසියක් වගෙ හදලා එක පස්සලා  ලයිට් අහෙමත් දලා එක උඩ අරින්න හෙන ට්‍රයි එකක් දෙනවා. 
           
       පොඩි උනට මට පෙනුනා මිනිහා කරන්න ගිය වැඩේ නිර්මාණශිලියි  කියලා.ඒ කලෙ අර X files  කියලා එකක් ගියානේ ඔකත් මයි අයියයි බැලුවා බෙලුවා පන දාගෙන ඔය වගේ පොඩි පොඩි සීන් නිසාම වෙන්න ඇති මට ලොකු වෙලත් මෙ පිස්සුව ගැහුවෙ.දැන් හොද දැනිමක් අවබොදයක් තියන්වා ඒ මේ විශය ගැන තියනවා.ඉලන්දාරිය උසස් පෙළ කේවළ ව්‍යාපෘතියට පවා පිටසක්වල ජිවීන් ගැන තමයි කලේ එකත් අතිසාර්තක උනා.
     දෙන් අපි හදුන ගනිමු ..මේ පිටසක්වල ජීවින් යනු වෙන් හදුන්වන්නේ කවුරුන්ද? 
පිටසක්වල ජීවින් යනු පිටස්ත භෞමික ලොකයක වසය කරන,පරිවෘතිය ක්‍රීයාවන් හා වර්ගයා බෝ කිරීම කරන්නා වු යම් ජීවින් කොට්ටාසයක් "පිටසක්වල ජීවින්" ලෙස අර්ථකතන්ය කල හැක.මේ අර්ථකතන්යට අනුව මේ ජීවින් කොට්ටාසය ..අත් පා හිස ඇති අය හෝ මිනිස් ශරියට සමාන ශරිරයන්ම තිබිය උතු නැත. ඒ ජීවින් කුඩා ශෘද්‍ර ජීවින් වැනි අය වන්නට පුලුවන්. 
      මා තරයේ මේ "පිටසක්වල ජීවින්" විශ්වාස කිරීමට මූලාශ උනු නිගමයන නැත හොත් තර්කය මා සරලව සහ කෙටියෙන් ඔබට මෙසේ ගෙන හැර දක්වන්නට උත්සාහ කරන්නම්.

    *************************************************
        පැහැදිලි රෑයක නග්න ඇසින් (ආධාරක උපකරණ් රහිත ඇස )තාරකා 4,500 ක් පමණ දැකගත හැකි බව තාරකා විදය්‍යානයෝ පවසති. කුඩා අවකාශ වස්තු නිරීක්ෂණාගාරයක පවා ඇති දුරදක්නයෙන් තාරකා 20 මිලියනක් පමණ පෙනෙන්නට සැලැස්වෙයි. තවත් වැඩි දියුණු කල දුරදක්න වලින් බැලූ කල තරකා මිලියන දහස් ගනන්ක් නිරීක්ෂණය කල හැක, ඒවා ක්ෂිර පථයේ අලෝක ලප වෙයි.මේ ක්ෂිර පථයේ මන්දාකිණි 20 ක් වෙයි.මේ මන්දාකිණි තුල සුර්යයා ගෙන් වට වු විශ්වයන් විශාල ගන්නක් වෙයි.


  අපගේ දුරදක්න පරාසය තුල 1020 (දහයේ විස්සේ බලයක් ) ක් පමණ තිබෙන බව තරකා විදය්‍යාන හා(ර්)ලෝ ෂැප්ලී පවසයි.මේ ඇස්තමේන්තුව ගැන තව දුරටත් සිතා බලමින් තරකා දහස් ගණනකින් එකක් පමණක් ජීවයට අවශය්‍ය තත්වයන් ඇතැයි සැක කරන්නේ නම්, ඒ ගණනය කිරීමට අපට ලැබෙන සන්‍ය්කයාව  1014 වේ. "එසෙ නම්මේ තාරකා  1014 අතරින් 103 කට ජීවයට අවශ්ය සාධක ලබා දිය නොහෙකි යැයි සිතුවහොත් ,තවත් 1011  ඇදහිය නොහැකි තරම් තරකා ප්‍රමාණයක් ඉතිරී වේ..මේ ග්‍රහයන් දහසකින් එකක පමණක් ජීවය නිපදවෙන්ට ඇතැයි සිතුවහොත් ,ඒත් ජීවය පවතිනු ඇතැයි සිතිය හැකි ග්‍රහයන් 100 මිලියනක් පමණ වේ.මේ උපකල්පන සිදුකර ඇත්තේ අදට පවතින දුරද්ක්න මූලික කරගෙනය,ඒසේ නම් ඔබ මතක තබා ගත යුත්තේ මෙවා නිරතුරුවම වැඩි දියුණු වෙන බවයි...

                                   
 එසේ නම් මා නැවත නැවත පුන පුනා කියා සිටින්නේ " පිටසක්වල ජීවින්" යනු තවමත් හුදු මනක්~ කල්පිත අදහසක් නොවන බවයි......
 ඔවුන් මතු දිනක නොවරදවාම අප සොයා පැමිනේවි, නැත හොත් අප ඔවුන සොයා යාවි.....

                                     


      

Tuesday, September 4, 2012

මදුවිතින් මත් වෙලා.... (මා සවනේ ගැටුණු සංවේදීම සිදුවීම)

             මගේ 3න් වෙනි post  එක පළ වීමත් එක්කම ගොඩාක් දෙනා මට එක හිතින්ම සුභ පැතුවා.එයාලට දස දහස් වාරයක් ස්තූති පුද කරනව.ඒ ගොඩාක් වා ඉලන්දාරියගේ බොක්කටම වැදුනා කියලත් මතක ඇතුවම කියන්න ඔනේ.ඒ වගේම  ඉලන්දාරියාගේ  හෙවනැල්ල වගේ ළගින්ම ඉන්න  "ඇයටත්" අකුරු වල අඩු පාඩු අවම කරලා නිවැරදි  post එක පළ කරන්න උදව් වෙනවට ගොක් පිං කියලා කියන්නම නේ.
මේ බොලොග් එකට කැමති අය වගේම,අකමැති අයත් ඇති.එයාලත් දකින අඩුපාඩු මුණටම කියලා දානවා නම් කත් ලොකු හයියක් වෙයි.  මට එහෙම කියද්දි  මේ කත් මතක් උනා.. 

    " හොඳ පොතක් කියන්නේ කැඩපතක් ,ඒ කැඩපතට බුරුවෙක් එබුනොත් දේව දුතයෙක් බලාපොරොත්තු වෙන්න එපා "  
                                                       කියලා කියමනක් මං අහලා තියනවා.

දැන් කෙලින්ම කතාවට බහිමුකෝ!

            ඔන්න මේ කියන්ට යන සිදුවීම කොහෙන් හෝ උපුටා ගන්නා ලද හෝ නිර්මාණය කරන ලද කතාවක් නම් නෙමේ කියලා මුළින්ම කියන්න ඕනේ.ඉලන්දාරියා ට ඔහුගේ මාමා කිව්ව  සත්‍ය සිදුවීමක් වගේම ඉතා සංවේදි සිදුවීමක් නිසාම මේක ඔයාලත් එක්ක බෙදා ගන්න හිතුවේ. ඒ වගේම ඇසින් දුටු සිද්ධියක් නොවෙන නිසා ලිඛිත භාෂාවෙන්ම ඉදිරිපත් කිරීමට බලා පොරොත්තු වෙනවා.

ප්‍රසිද්ධ ගීතයක පද පෙලෙන්ම පටන් ගනිමු...
   

මේ  ලෝක තලයේ..
නොමිනිසුන් සමගින් ඇසුරේ 
ගෙවුනිසයි මා ..ගේ ජිවේ  
මේ ලෙසින් අදුරේ
මදුවිතින් මත් වෙලා කෙලෙසුවා මිනිමරා  
ගැලවිලා එන්න බෑනේ අම්මේ...
අදුරු වීලා මගේ ලොකේ ...
  


(මෙහි "ඔහු" නමින් හැදින්වෙන්නේ ඉලන්දාරියාගේ මාමා බව සළකන්න)

      ටවුමට ගිය ඔහුට හදිසි වැඩක් සඳහා ප්‍රසිද් පොත් සාප්පුවකට ගොඩ වෙන්නට සිදු විය .පොත් සාප්පුව ඉදිරිපිටම ආපු ඔහුට සාප්පුව ඇතුළට යන්න අඩි කිහිපයක් පමණයි ඉතිරිව තිබුණේ.ඒ අඩි කිහිපය තියන්න පෙර ඔහුගේ කණ ගැටුණේ විලාප හඩක්.ඒ හඩේ අසරණ කමකුත්,දරා ගන්න බැරි තරම් වූ වේදනාවකුත් මුසු වෙලා  තිබ්බ නිසාදෝ ඔහු ඉදිරියට තිබූ පියවර කිහිපය ආයේ පස්සට තිබ්බේ  ය.ඒ හඩ ඇහුණු දිශාවට මොහොතක් ඇස් හරවා බැලු වහා පෙනෙන්නට  තිබූනේ ගරා වැටෙමින් තිබෙන ගොඩනැගිල්ලකි.එහි බැල්කැණියේ කොණක වන්නට තිබ්බ බිත්තියත්,පොළවත් ගෑවෙන විදියට කුදු වෙලා වාඩිවෙලා  හිටියේ මහළු  කන්තාවකි.ඇයට පෙනුමෙන් නම් තිබුනේ කෙසඟ ශරීරයක් .එත් රැලි වැටී ගිය අසරණ මුහුණ කඳුලින් සේදෙමින් තිබුණා.අනේ මේ විලාපදිදී අඞන අම්මාගේ ඉස්සරහ හිටියේ මෝල් ගහක් අතේ තියාගත්තු පිරිමියෙක්.අවුරුදු 27ක්,28ක් වගේ වයසක් පෙනුනත් ශරීර කූඩූව නම් වැහැරී ගොස් තිබුණි.ඇස් ගිලී තිබුණු අතර  රතු පැහැ ගැන්වී මිය යමින් පැවතුණි.

           පෙර කී තරුණයා අතේ තිබ්බ මොල් ගහෙන් අර අහිංසක අම්මාට පහර දෙමින්  සිටියේය.ඔය අතරේ අපේ මාමා මේ වෙන සිද්ධිය දිහා බලා සිටියේ ය.වට පිටාවෙ හිටිය පිරිසත් තුෂ්නිම්භූත වී බලා සිටිති.මාමාට මේ වෙන දේ බලාගෙන ඉන්න බැරිමකමට ගලක් හරි අරන් අර තරුණයට  ගහන්න තරම් හිතුණි.නමුත්  එතන හරියටම  මොකක්ද වෙන්නේ කියල හරියටම  දැනගෙනම ගන්නා පියවරක් ගත යුතුයි කියා ඔහුට සිත් විය.ඒ නිසා ලඟම හිටිය පුද්ගලයගෙන් මේ ගැන දැන ගැනීමට මෙසේ ඇසුවේය."උන්නැහේ මොකෝ අර අහිංසක අම්මට අර මිනිහා ගහන්නේ "
    (ඉන්පසු  අර පුද්ගලයා කිව්වෙ මොකක්ද කියල ඇහුවම මාමාට කර කියාගන්න දෙයක් නැති විණී .උන් හිටි තැන් පවා අමතක විය.තවමත් අපේ රට බුදුන් අදහන රටක් නේද කියලා ඔහුට සිතුනා.ඔබටත් මෙ අදහා ගන්න රිබැවේව්.).ඒ පුද්ගලයා මාමා දෙසට හැරී ඔලුවේ අත තියන් මෙහෙම කීයන්නට උනා.

"ඔය  අපේ ලොකු එකා මහත්තය.ඔය ගෑනිට මම කිව්ව කට සල්ලි කියක් හරි තියේනම් දීලා  දාන්න කියල".එහෙම කියලා මොහොතක් නිශ්ශබ්දව ඉදල,ඔහු යෙ මෙහෙම කිව්වා "කා ඔය පෙරේදා හිරෙන් නිදහස් වෙලා වේ.දැන් අයෙ කුඩු ගහන්න සල්ලි ඉල්ලා ව දසමසක් බඩේ තියන් හදල,උස් මහත් කර අම්මට ගහනවා ."
       මේ සිදුවීම මොහොතකට ඔබගේත් මගේත් හ සසළ කලා වන්නට පුළුවන්.ඒ ඔබත් මමත් අප සියළු දෙනා,මව් කිරි බී උස් මහත් වූ අය නිසා ය.ඒ මව් කිරිවල ගුණ සුවද අප හට අමතක කල නොහැක.අමතක වන්නේද නැත.

 කෙසේ වෙතත් ඔබ පෙර  සදහන් කල තරුණයාට සිතින් බොහෝ සෙයින් දොස් නගන්නට ඇත.ඌ මහා තිරිසනෙක්,කාලකන්නියෙක් ,අනුස්සයෙක් කියා හිතින් බනින්ට ඇත.එහෙත් අප කළයුතුව ඇති කාර්ය එය නොවේ.අප කළ යුත්තේ,මව් කිරි සුද අමතක වීමට,එහෙමත් නැත්නම් දෙවැනි බුදුන් ලෙස ලොවම උවම් කළ,ලොව පිදූම් ලද,ලොවට උතූම් ළඳ වන අම්මාට මෝල් ගහෙන් ගසන සමාජයක් බිහිවීමට  හේතුව වටහා ගැනීමයි.
    මේ මොහොතේ මෙ ලිපිය කියවන ඔබත් නිසැකවම "සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදන් සමාදියාමි"යන සිල් පදය කඩා ඇත්තෙක් වන්නට පුළුවන්.
එහෙනම් ඔබ මොහොතකට පෙර තිරිසනා,කාල කන්නියා කියා බැන්න පුද්ගලයා හා ඔබ අතර වෙනසක් නොමැති බව සිහි තබා ගත යුතුය.ඔහු මෙන්ම ඔබත් යම් දිනක එලෙස තම මවට ,භාර්යාවට,තම දියණියට සළකන්න ඉඩ ඇත.ඒ ඔබ  මව් කිරි සුවඳ අමතක කරවන ලෝකේ ඇති කාලකන්නිම ජාතිය ,නැතිනම්  මිනිසා නොමිනිසෙක් කරන ජරාම ජාතිය  වන "සුරාව" පාවිච්චි කරන කෙනෙක් නිසා ය.   
        මේ වර්තනමා සමාජයේ බොහෝ දෙනෙකු සිතන්නේ බොහොමයක් ප්‍රශ්න වලට පිළිතුර සුරාව යන්නයි.සිත දුකෙන් තැවුලෙන් ඇති විටෙක "අඩියක් ගැසූ විට සියල්ල හරි" කියා සිතන සමහර මෝඩ තකතීරු කාල කන්නිද අප සමාජයේ දක්නට ලැබේ.

           ඒ අතරෙම දැන් අලුත් පරපුරේ බොහෝ දෙනා සිතන්නෙ තමන් "වැඩර් "කෙනෙක් වෙන්න නම් බොන්නම ඕනෙයි කියාය.තවත් සමහරු සිතන්නේ අවුරුදු 18 පැන්න ගමන් තමන් නියම වැඩිහිටියෙක් වන්නේ "පොඩ්ඩක් ගැහුවොත්"තමා කියා ය.තවත් සමහරු සිතන්නෙ,බ්යර් එකක් වත් බොන්නෙ නැත්තන් "ඌ මහ ගෑණියෙක්" කියා ය.මෙසේ සිතන අය  බොහොමයක් දෙනා ඔබ,අප අතර දැක ඇතුවාට කිසිම සැකයක් නැත..

       කවර තැනක හෝ සිදු වෙන වැරැද්දකින් මෙවන් සමාජයක් බිහිවෙමින් පවතී.මේ වැරැද්ද කොතැනදැයි සොයා බැලීම මුළු මහත් සමාජයේම වගකීමකි.නැතහොත් ඊලගට ඉලන්දාරියාට ලිවීමට සිද්වන්නේ ඔබ ඔබේ පියාට පහර දීමක් ගැන හෝ ඔබේ පුතු ඔබට පහර දීමක් ගැනය.
    ඔබ මේ ලිපිය කියවන විට යම් දෙයක් හිතට දැණුනා ද?ඔබත් පස් වන සිල් පදය කඩන අයෙක් නම්,අද සිටවත් එම දුසිරිතෙන් මිදීමට අදිටන් කරගන්න! නැතිනම් පෙර කී  නම්වලින් ඔබ ඔබටම ආමන්ත්‍රණය කර ගන්න!


                                                                              ~ඉලන්දාරියා~

Sunday, September 2, 2012

උසස් පෙළෙන් පසු වෙච්ච දෙයක්

             
        යන්තම් උසස් පෙළ කටයුතුත් ඉවර කරලා ..තව පොඩි පොඩි වැඩ ටිකක් තිබ්බා ඒවත් ඉවර කරලා,ඔන්න කාලෙකට පස්සේ අවා බොලොග් එක ලියන්න.මේ බොලොග් එක නම් පටන් ගත්තෙ වෙන නමකින්.එත් මට හිතුන මගෙ අදහස් හිතුවිලි ඒ මතෘකාවට කොටු  වෙලා කියලා.ඉතින් ඔන්න අලුත් මුහුණු වරකින් ලියන්න පටන් ගත්තා,..
        "උසස් පෙළට පසු " .ඇත්තටම මම දැන් කියන්න යන්නේ අනේ අපි උසස් පෙළ කරන්න කලින් කොහොමද හිතුවෙ,දැන් කොහොමද කරන්න වෙලා තියෙන්නෙ කියන එක.අප්පේ කියලා  වැඩක් නැහැ!මීට මාස හයකට හතකට කලින් අපි කොහොමද හිටියෙ??පන්ති!පන්ති! පන්ති  වලට උදේ හවස බඩ ගගා, මහාමෙරු පර්වතේ වගෙ තියන සිලොබොස් එක කවර් කර ගන්න කොච්චර නැහුනද ? විභාග ලන් වෙද්දි විභාග ආතතිය. නෑදෙයො  ගෙදරට ආවම .

   "පුතේ,විභාගෙට ලැස්තිද? ලැස්තියි තේද?"

 "ඔය තමා ඊලගට ඉන්නේ.ඉතින් අම්මලාගේ තාත්තලගෙ බලාපොරොත්තු ගොඩ දාන්න ඔනේ කොහොම හරි"

 "බලන්න අර බප්පගෙ පුතා,අර නැන්දගේ පුතා ,එයාලා වගේ  උඩින්ම පාස් වෙන්න නේ.නැත්තන් නොන්ඩිය"

 ඔන්න ඔයවගේ  අහන ගොන් ප්‍රශ්න  නිසයි ,විකාර නිසයි තව තතියක් හැදෙනවා.ඒ තමයි "නෑදෑ ආතතිය".
ඇයි එයලා බලන් ඉන්නෙත් කියව කියව ඉන්න දෙයක් හම්බෙනකම්නේ.

    ඔය වගෙම තමා අර කොච්චර පාඩම් කරත් අමතක වෙන නිව්ටන්ගේ නියම වලටයි,ඉහේ කෙස් ගස් ටික පවා ක්‍රේල් වෙලා යනකන් හිතල හිතලත්  හදාගන්න බැරි වෙන අනුකලනේ ගනන් ටිකට හිර වෙලා තිබුණු හිතට ,වැලි කතරට පිනි බින්දුවක් ඉහින්නා වගේ අපි ඒ කාලේ කලේ ..
     
        "අම්මේ!තව මාස කීයද මේ දුක විදින්න තියෙන්නේ.." කියලා කියාගන්නා එක.(  ඒ විතරක් යැ ඔහොම කියා ගන්න ගමන් කියන්නේ)

"ඔන් බලපන් මන් විගෙ ඉවර වෙලා හොද ෆන් එකක් ගන්නවා. මේවටත් හරියන්න "

"ඔව් ඔව්.අපි සෙට් වෙමු හරිද?උඹ මටත් කකරපන් සල්ලි සල්ලි බලන්නෙ නැතුව හොද පාර්ටි එකක් දාමු.හොද ට්‍රිප් එකක් යමු? "

තව කෙනෙක් මෙහෙම කියනවා....

"මන් නම්  හොදට නිදා ගන්නවා.කනව බොනව.ටීවි බලනව නස්තාර් වෙන්න.ගේම් ගෙනල්ල ගහවා"

 ඔහොමත් කියගන්නවා.. ඇත්තටම අර වගේ  වෙලාවක හරියට පුන්චි ළමයි වගේ අපි මේ දේවල් කියගත්තෙ ලොකු කමකට නෙමේ!හිතේ තිබුණු බර සැහැල්ලු කර ගන්නත් එක්ක ..

   ඔය අතරෙ හිතේ බර නිදහස් කරගන්නම කියගන්නවමත් නෙමේ  ඉතින්.පාසැල් යන කලේ කරන්න බැරි වෙච්ච සමහර තරුණ ආසාවන් අළු යට ගිනි පුපුරු එළියට පනින්නා වගේ ඉතින්  හිතෙන් එළියට පනිනවා.

"මම මචන් විභාගෙ ඉවර වෙලා කොණ්ඩෙ වවනවා බන් මෙතනට"

තව එකෙක් කියන්ව

"මන් නම් බන් මේ බොඩිය හදාගන්නව ..උල මාව යෙ දකිද්දි බලපන් මන් ඉන්නෙ 6 පැක් ගහලා"

"මම මෙහෙ ඉන්නෙ නැහැ බන්.කොළඹ යනව ගිහිල්ලා ගින්දර වගේ කෑල්ලක් සෙට් කර ගන්නවා"


ඔන්න ඔය වගෙ අසාවනුත් තිබ්බේ නැතුව නෙමේ.ඒ වගේමයි ටිකක් මේවගේ දරුණු අසාවනුත් නොතිබුණාම නෙමේ අපේ සමහරක්ට.
කොහොම ඒවද ?

"අම්මාහ්!මම නම් කොළඹ ගිහින් ඉගෙන ගන්න ගමන්  පොඩි ජොබ් කට්ටක් හොයාගෙන ෆුල් ෆන් එක ගන්නවා.රෑට යිට් ක්ලබ් එකකට ගිහිල්ලා එහෙම "

"ඇයි පොඩ් අඩියක් ගහල සොමියක් දාලා"  ඔය වගේත් කතා වෙනවා සමහරු.
           
             හරි දැන් එමුකො වර්තමානෙට.කොහොම කොහොම හරි අමාරුවෙන් විභාගෙ පන්න ගත්තා කියමුකො!දැන් අර ඇගිලි ගැන ගැන හිටිය කාලෙත් ඇවිල්ලා සති තුනකටත් කිට්ටුයි.අනේ!කෝ අර කතා කල යළුවො ?කෝ අර කරනවා කිව්ව වැඩ.?
යළුවෙක්ට  කතා  කරොත් කියයි,

 "මචන් මම මේ අම්මලගෙ ගමේ ආවා බන් .හෙන චාටර් මෙහේ"

"අහ් මචන් උඹලා යමන් මගෙ අතේ සතේ නැහැ බන්"

   අනේ බලන්යද්දි අර සුන්දර කතා හොයාගන්නත් නැහැ.මේක නම් පුදුම වැඩක්!අර තිබ්බ හිතේ බර මදිවට දැන් ඊට වඩා දෙතුන් ගුණයක් වැඩි වෙලා.ඇයි දැන් එහෙන් රිසාල්ට්ස් එනකන් බලන් ඉන්නවා.ඊලගට කරන්නෙ මොකක්ද?මොන වගේ කෝස් ද හොද?මොනවගෙ ජොබ් හම්බෙයිද?
ඔය ඔක්කොම කරන්නත් පාස් වෙල තියෙයිද?

              ඔන්න ඔය වගේ මහා බැරෑරුම් ප්‍රශ්න වලට දැන් මූණදෙන්න වෙලා තියෙන්නේ ....
හරි පුදුම වැඩේ කියන්නේ,ඉස්සර බලන්න ෆිල්මුත් ඕනෙ තරම් තිබ්බා.දැන් බලන්න එකක්වත් නැහැ.
 වැඩිය ඔනේ නැහැ මම අදත් මේ ගෙම් එකක් ගෙනාවා එක ඉන්ස්ටොල් කර ගන්න බැරුව උදේ ඉදන් දගල දගල හිටිය...



   ඉතින් මට මෙහෙම එකක් ඔයලට කියන්න හිතුනෙ ඒ නිසයි.ඒ වගෙම දැනෙන කම්මැලිකම නැති වෙන්නත් එක්ක දැන් ඉතින් ජීවිතේ ඉතුරු කාලෙත් මීට වඩා වගකීම් සහිතව බැරැරුම්ව හොදට හිතල බලලා ගෙවාපල්ලකො ..අපේ හිතේ තියන මොන මොන සිහින බලාපොරොත්තු තව බොඳ වෙලා යයි ද?
                                                        ~ඉලන්දාරියා~

Wednesday, August 22, 2012

ආදරයට දෙවියො නැද්ද?

 මට මේක අහන්න හිතුනේ මෙහෙම නෙමේ. කෑගහලා මුළු ලෝකෙටම ඇහෙන්න.කොහෙ ද?මට එච්චර හපන්කමක් කරන්න බෑනෙ.ඉතින් මං හිතුවා මම ම කියන්න.පිස්සුවකට නම් නෙවෙයි.හිතන්නේ නැති,හිතන්න පුරුදු නැති සමාජයක ඔයාලට මොහොතක් හිතන්න සලස්වන්න.ආදරේට දෙවියෝ ඉන්නවද හිතන්න කලින් අපි බලමු...ආදරේ කියන වචනෙ තේරුම මොකක් ද කියලා.සරලවම, කෙටියෙන්ම, කිව්වොත් දෙදෙනෙක් අතර ඇති ලෙන්ගතුකම,කරුණාව,කැපකිරීම,අවංක බව,සැළකිල්ල,ආශාව,පිරිසිදු බව,පොරොන්දු කියන වා මත තමා ආදරේ පවතින්නේ..හිතනවද ඔය ටික විතරයි කියලා?
නෑ..වෛරය,ඊරිසියාව,තණ්හාව,සැකය,විරහව,තනිකම වගේ මේ හැමදෙයක්මත් හරියට පමට තිබ්බාම තමා නියම ආදරයක් කියන්නේ...
      ඉතින් ඔය ආදරේ කියන වචනේ තේරුම් හරියටම තෙරුම්ගත්ත ගොඩක් අය .ඉලන්දාරියා වටේ ඉන්නවා.ඉලන්දාරියත් එහෙම කෙනෙක්!කියන්නේ ආඩම්බරයෙන්(එක වෙනම කතාවක්) .ඉතින් සමහරු ඔය ආදරේ බොක්කෙන්ම කරනවා,ආදරේ වෙනුවෙන් නොකරන දෙයක් නැහැ.ආදරේ මුළු ලෝකෙම කර ගන්නවා..තමන්ගේ ඉතිරි කර ගත්ත සල්ලියක් තියේ නම් ඒවා වියදම් කරන්,ගෙවල් වලින් බැණුම් අහන්,යළුවන්ගෙන්,ගුරුවරුන්ගෙන් කථා අහන් තමා මේ ආදරේ කරන්නේ.තවත් සමහරු ආදරේ කරන පෙම්වතියව හෝ පෙම්වතාව පොඩ්ඩක් දැක ගන්න සෑහෙන්න මහන්සි වෙනවා.ගෙවල් වලට බොරු කියලා අද මේ වෙලාවට clz එකක්,අතන clz එකක් කියලා ගෙදරින් පැන ගෙන එනවා.සමහරු එයා එන්නේ 8 ට නම් 7 ඉඳන් වත් ඇවිල්ලා ඉන්නවා.අනේ!එහෙම ආවත් බලන්න අපු කෙනා එනකන් එක්කො bus හෝල්ට් ගානේ bus stand ගානේ රස්තියාදු වෙලා වෙලා තමා බලා ගන්න වෙන්නේ.එකත් ඉතාම සුළු මොහොතක් තමයි..එක්කෝ එයා එදා clz ඇවිල්ලා නෑ .වත් වෙන පාරකින් ගිහින්.එහෙමත් නැත්තම් ගෙදරින් එද්දි ලස්සනට ඇදන් සුවඳ විලවුන් දාගෙන අවත් අනේ බලන්න අපු කෙනා  හැරිලවත් බලන්නෙ නැහැ.
        ඔය වගේම තමා දැන් මේ මුහුණු පොතේ, නැත්නම් (facebook) එකේ චාටර් වෙන්නෙත්!ඔන්න එයාල මෙහෙමයි.
      උදේ පාන්දර නැගිටලා fb බහිනවා,අනේ කියන්න මුණක් කටක් හොඳන්නේවත් නෑ.කෑමක් බීමක් කන්නෙ බොන්නෙවත් නෑ.අරකෙම ඉඳන් මේ මොනවද කරන්නේ....?අර තමන් ආදරේ කරන කෙනා එනකන් බලන් ඉන්නවා.දැන් එයි,දැන් එයි කියලා.දැන් ඔය බලන් ඉන්න එකෙත් මෙහෙම බලන් ඉන්න අය ඉන්නවා...එක්කො හෙන ගෙමක් දීලා කටහරි කියලා හරි.... කාගෙන් හරි කැමර් එකක් ඉල්ලන් හරි.... සිරා පොටො එක්ක ගහලා profile pic එකට දාන් ඉන්නවා.නැත්තන් youtube ගිහිල්ලා  maxxa සිංදු ටිකක් හොයලා post කරනවා.එහෙමත් නැත්තන් දුක හිතෙන status දාලා දාල පුරවලා තියනවා.එහෙම කරලා නවතින්නෙත් නෑ!අරයා එන්න ඉස්සෙල්ලා යාළුවන්ටත් post එකේ link යවලා  like හරි comment හරි දාගෙන තියන් ඉන්නවා එනකම් බලන්.(ඔය අතරේ ගෙදර ඉන්න අම්මාගෙන් ,අයියාගෙන් හරි අක්කාගෙන් හරි කුණු බැණුම් අහන්න වෙන්නෙ නැතුවමත් නෙමේ) ඉතින් මේ ඔකකෝමත් කරලා බලන් හිටියා කියමු.අරයා එනවා එක්කෝ offline දාන් ඉන්නවා,නැත්තම් එයා මෙයාට පේන්න එයාගේ හිතේ ඉන්න කෙනෙක් ගැන status & posts දානවා,නැත්තම් එයාගෙම ආදරේ කරන කෙනා ගැන දානවා,නැත්නම් chat කරනවා. එක්කෝ බනිනවා, නැත්නම් හෙණ ගෑස්.අනේ ඉතින් අච්චර game එකක් දිලා කරපු දේවල් වලට like එකක් ත් නොදා යනවා.
      එච්චර එහෙම කටු කාගෙන ආදරේ කරන  අය ඉද්දි,කෙල්ලෝ/කොල්ලො දෙතුන් දෙනෙක් එක්ක  chat කරන,ආදරේ කියලා නාමයක් දන්නෙ නැති අයට නම් කිසි ගින්දරක් නැතුව වැඩේ හරි යනවා.එයාලට එකක් නැත්තන් තව එකක් හරි සෙට් වෙනවා.


     ඉතින් පෙම්වතුන්/පෙම්වතියන් ඉන්න අයට පවා නොනවත්වා ආදරේ කරන, එයාලා වෙනුවෙන් හිතින් මැරි මැරි ඡිවත් ,වෙන එයාලා වෙනුවෙන්  ඕනම දෙයක් කරන්න පුළුවන්,ඡිවීතේ උනත් කැප කරන්න පුළුවන් අය  ඉද්දි ......ඇයි දෙවියන් මේ වගේ අයටම පිහිට වෙන්නේ නැත්තේ?????/ඇයි දෙයියනේ මෙහෙම අයටම දුක දෙන්නේ ????
දෙයියෝ අවංක කුළුදුල්  ආදරට වෛර කරනවා ද?? ? 
      නැත්තන් ආදරේට දෙයියෝ නැද්ද?? 

Tuesday, August 21, 2012

අමතක වුණු එහෙත් අමතක කල නොහැකිම දේ

Add caption

යාන්ත්‍රකත්වය,තරඟකාරිත්වය, එකාකාරීබව , මුදල්, අභියෝග ,ආසාවන්, තන්හාවන්,වෛරයන් ක්‍රොධයන්, බල තන්හාවන් ,පක්ෂ භෙඳ ,වංචා, දුෂණ පිරී ඉතිරී ගිය සමාඡයක. මනුස්සයෙක් සත්වයෙක් ගෙන් වෙනස් කර හදුනා ගන්න තිබුණු එකම සාධකය අපි අමතක කරලා නේද?  මොහොතක් සිතන්න ඒ මොකක් ද? මනුස්සකම...ඔව් ඒ මනුස්සකම