Tuesday, September 4, 2012

මදුවිතින් මත් වෙලා.... (මා සවනේ ගැටුණු සංවේදීම සිදුවීම)

             මගේ 3න් වෙනි post  එක පළ වීමත් එක්කම ගොඩාක් දෙනා මට එක හිතින්ම සුභ පැතුවා.එයාලට දස දහස් වාරයක් ස්තූති පුද කරනව.ඒ ගොඩාක් වා ඉලන්දාරියගේ බොක්කටම වැදුනා කියලත් මතක ඇතුවම කියන්න ඔනේ.ඒ වගේම  ඉලන්දාරියාගේ  හෙවනැල්ල වගේ ළගින්ම ඉන්න  "ඇයටත්" අකුරු වල අඩු පාඩු අවම කරලා නිවැරදි  post එක පළ කරන්න උදව් වෙනවට ගොක් පිං කියලා කියන්නම නේ.
මේ බොලොග් එකට කැමති අය වගේම,අකමැති අයත් ඇති.එයාලත් දකින අඩුපාඩු මුණටම කියලා දානවා නම් කත් ලොකු හයියක් වෙයි.  මට එහෙම කියද්දි  මේ කත් මතක් උනා.. 

    " හොඳ පොතක් කියන්නේ කැඩපතක් ,ඒ කැඩපතට බුරුවෙක් එබුනොත් දේව දුතයෙක් බලාපොරොත්තු වෙන්න එපා "  
                                                       කියලා කියමනක් මං අහලා තියනවා.

දැන් කෙලින්ම කතාවට බහිමුකෝ!

            ඔන්න මේ කියන්ට යන සිදුවීම කොහෙන් හෝ උපුටා ගන්නා ලද හෝ නිර්මාණය කරන ලද කතාවක් නම් නෙමේ කියලා මුළින්ම කියන්න ඕනේ.ඉලන්දාරියා ට ඔහුගේ මාමා කිව්ව  සත්‍ය සිදුවීමක් වගේම ඉතා සංවේදි සිදුවීමක් නිසාම මේක ඔයාලත් එක්ක බෙදා ගන්න හිතුවේ. ඒ වගේම ඇසින් දුටු සිද්ධියක් නොවෙන නිසා ලිඛිත භාෂාවෙන්ම ඉදිරිපත් කිරීමට බලා පොරොත්තු වෙනවා.

ප්‍රසිද්ධ ගීතයක පද පෙලෙන්ම පටන් ගනිමු...
   

මේ  ලෝක තලයේ..
නොමිනිසුන් සමගින් ඇසුරේ 
ගෙවුනිසයි මා ..ගේ ජිවේ  
මේ ලෙසින් අදුරේ
මදුවිතින් මත් වෙලා කෙලෙසුවා මිනිමරා  
ගැලවිලා එන්න බෑනේ අම්මේ...
අදුරු වීලා මගේ ලොකේ ...
  


(මෙහි "ඔහු" නමින් හැදින්වෙන්නේ ඉලන්දාරියාගේ මාමා බව සළකන්න)

      ටවුමට ගිය ඔහුට හදිසි වැඩක් සඳහා ප්‍රසිද් පොත් සාප්පුවකට ගොඩ වෙන්නට සිදු විය .පොත් සාප්පුව ඉදිරිපිටම ආපු ඔහුට සාප්පුව ඇතුළට යන්න අඩි කිහිපයක් පමණයි ඉතිරිව තිබුණේ.ඒ අඩි කිහිපය තියන්න පෙර ඔහුගේ කණ ගැටුණේ විලාප හඩක්.ඒ හඩේ අසරණ කමකුත්,දරා ගන්න බැරි තරම් වූ වේදනාවකුත් මුසු වෙලා  තිබ්බ නිසාදෝ ඔහු ඉදිරියට තිබූ පියවර කිහිපය ආයේ පස්සට තිබ්බේ  ය.ඒ හඩ ඇහුණු දිශාවට මොහොතක් ඇස් හරවා බැලු වහා පෙනෙන්නට  තිබූනේ ගරා වැටෙමින් තිබෙන ගොඩනැගිල්ලකි.එහි බැල්කැණියේ කොණක වන්නට තිබ්බ බිත්තියත්,පොළවත් ගෑවෙන විදියට කුදු වෙලා වාඩිවෙලා  හිටියේ මහළු  කන්තාවකි.ඇයට පෙනුමෙන් නම් තිබුනේ කෙසඟ ශරීරයක් .එත් රැලි වැටී ගිය අසරණ මුහුණ කඳුලින් සේදෙමින් තිබුණා.අනේ මේ විලාපදිදී අඞන අම්මාගේ ඉස්සරහ හිටියේ මෝල් ගහක් අතේ තියාගත්තු පිරිමියෙක්.අවුරුදු 27ක්,28ක් වගේ වයසක් පෙනුනත් ශරීර කූඩූව නම් වැහැරී ගොස් තිබුණි.ඇස් ගිලී තිබුණු අතර  රතු පැහැ ගැන්වී මිය යමින් පැවතුණි.

           පෙර කී තරුණයා අතේ තිබ්බ මොල් ගහෙන් අර අහිංසක අම්මාට පහර දෙමින්  සිටියේය.ඔය අතරේ අපේ මාමා මේ වෙන සිද්ධිය දිහා බලා සිටියේ ය.වට පිටාවෙ හිටිය පිරිසත් තුෂ්නිම්භූත වී බලා සිටිති.මාමාට මේ වෙන දේ බලාගෙන ඉන්න බැරිමකමට ගලක් හරි අරන් අර තරුණයට  ගහන්න තරම් හිතුණි.නමුත්  එතන හරියටම  මොකක්ද වෙන්නේ කියල හරියටම  දැනගෙනම ගන්නා පියවරක් ගත යුතුයි කියා ඔහුට සිත් විය.ඒ නිසා ලඟම හිටිය පුද්ගලයගෙන් මේ ගැන දැන ගැනීමට මෙසේ ඇසුවේය."උන්නැහේ මොකෝ අර අහිංසක අම්මට අර මිනිහා ගහන්නේ "
    (ඉන්පසු  අර පුද්ගලයා කිව්වෙ මොකක්ද කියල ඇහුවම මාමාට කර කියාගන්න දෙයක් නැති විණී .උන් හිටි තැන් පවා අමතක විය.තවමත් අපේ රට බුදුන් අදහන රටක් නේද කියලා ඔහුට සිතුනා.ඔබටත් මෙ අදහා ගන්න රිබැවේව්.).ඒ පුද්ගලයා මාමා දෙසට හැරී ඔලුවේ අත තියන් මෙහෙම කීයන්නට උනා.

"ඔය  අපේ ලොකු එකා මහත්තය.ඔය ගෑනිට මම කිව්ව කට සල්ලි කියක් හරි තියේනම් දීලා  දාන්න කියල".එහෙම කියලා මොහොතක් නිශ්ශබ්දව ඉදල,ඔහු යෙ මෙහෙම කිව්වා "කා ඔය පෙරේදා හිරෙන් නිදහස් වෙලා වේ.දැන් අයෙ කුඩු ගහන්න සල්ලි ඉල්ලා ව දසමසක් බඩේ තියන් හදල,උස් මහත් කර අම්මට ගහනවා ."
       මේ සිදුවීම මොහොතකට ඔබගේත් මගේත් හ සසළ කලා වන්නට පුළුවන්.ඒ ඔබත් මමත් අප සියළු දෙනා,මව් කිරි බී උස් මහත් වූ අය නිසා ය.ඒ මව් කිරිවල ගුණ සුවද අප හට අමතක කල නොහැක.අමතක වන්නේද නැත.

 කෙසේ වෙතත් ඔබ පෙර  සදහන් කල තරුණයාට සිතින් බොහෝ සෙයින් දොස් නගන්නට ඇත.ඌ මහා තිරිසනෙක්,කාලකන්නියෙක් ,අනුස්සයෙක් කියා හිතින් බනින්ට ඇත.එහෙත් අප කළයුතුව ඇති කාර්ය එය නොවේ.අප කළ යුත්තේ,මව් කිරි සුද අමතක වීමට,එහෙමත් නැත්නම් දෙවැනි බුදුන් ලෙස ලොවම උවම් කළ,ලොව පිදූම් ලද,ලොවට උතූම් ළඳ වන අම්මාට මෝල් ගහෙන් ගසන සමාජයක් බිහිවීමට  හේතුව වටහා ගැනීමයි.
    මේ මොහොතේ මෙ ලිපිය කියවන ඔබත් නිසැකවම "සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදන් සමාදියාමි"යන සිල් පදය කඩා ඇත්තෙක් වන්නට පුළුවන්.
එහෙනම් ඔබ මොහොතකට පෙර තිරිසනා,කාල කන්නියා කියා බැන්න පුද්ගලයා හා ඔබ අතර වෙනසක් නොමැති බව සිහි තබා ගත යුතුය.ඔහු මෙන්ම ඔබත් යම් දිනක එලෙස තම මවට ,භාර්යාවට,තම දියණියට සළකන්න ඉඩ ඇත.ඒ ඔබ  මව් කිරි සුවඳ අමතක කරවන ලෝකේ ඇති කාලකන්නිම ජාතිය ,නැතිනම්  මිනිසා නොමිනිසෙක් කරන ජරාම ජාතිය  වන "සුරාව" පාවිච්චි කරන කෙනෙක් නිසා ය.   
        මේ වර්තනමා සමාජයේ බොහෝ දෙනෙකු සිතන්නේ බොහොමයක් ප්‍රශ්න වලට පිළිතුර සුරාව යන්නයි.සිත දුකෙන් තැවුලෙන් ඇති විටෙක "අඩියක් ගැසූ විට සියල්ල හරි" කියා සිතන සමහර මෝඩ තකතීරු කාල කන්නිද අප සමාජයේ දක්නට ලැබේ.

           ඒ අතරෙම දැන් අලුත් පරපුරේ බොහෝ දෙනා සිතන්නෙ තමන් "වැඩර් "කෙනෙක් වෙන්න නම් බොන්නම ඕනෙයි කියාය.තවත් සමහරු සිතන්නේ අවුරුදු 18 පැන්න ගමන් තමන් නියම වැඩිහිටියෙක් වන්නේ "පොඩ්ඩක් ගැහුවොත්"තමා කියා ය.තවත් සමහරු සිතන්නෙ,බ්යර් එකක් වත් බොන්නෙ නැත්තන් "ඌ මහ ගෑණියෙක්" කියා ය.මෙසේ සිතන අය  බොහොමයක් දෙනා ඔබ,අප අතර දැක ඇතුවාට කිසිම සැකයක් නැත..

       කවර තැනක හෝ සිදු වෙන වැරැද්දකින් මෙවන් සමාජයක් බිහිවෙමින් පවතී.මේ වැරැද්ද කොතැනදැයි සොයා බැලීම මුළු මහත් සමාජයේම වගකීමකි.නැතහොත් ඊලගට ඉලන්දාරියාට ලිවීමට සිද්වන්නේ ඔබ ඔබේ පියාට පහර දීමක් ගැන හෝ ඔබේ පුතු ඔබට පහර දීමක් ගැනය.
    ඔබ මේ ලිපිය කියවන විට යම් දෙයක් හිතට දැණුනා ද?ඔබත් පස් වන සිල් පදය කඩන අයෙක් නම්,අද සිටවත් එම දුසිරිතෙන් මිදීමට අදිටන් කරගන්න! නැතිනම් පෙර කී  නම්වලින් ඔබ ඔබටම ආමන්ත්‍රණය කර ගන්න!


                                                                              ~ඉලන්දාරියා~

Sunday, September 2, 2012

උසස් පෙළෙන් පසු වෙච්ච දෙයක්

             
        යන්තම් උසස් පෙළ කටයුතුත් ඉවර කරලා ..තව පොඩි පොඩි වැඩ ටිකක් තිබ්බා ඒවත් ඉවර කරලා,ඔන්න කාලෙකට පස්සේ අවා බොලොග් එක ලියන්න.මේ බොලොග් එක නම් පටන් ගත්තෙ වෙන නමකින්.එත් මට හිතුන මගෙ අදහස් හිතුවිලි ඒ මතෘකාවට කොටු  වෙලා කියලා.ඉතින් ඔන්න අලුත් මුහුණු වරකින් ලියන්න පටන් ගත්තා,..
        "උසස් පෙළට පසු " .ඇත්තටම මම දැන් කියන්න යන්නේ අනේ අපි උසස් පෙළ කරන්න කලින් කොහොමද හිතුවෙ,දැන් කොහොමද කරන්න වෙලා තියෙන්නෙ කියන එක.අප්පේ කියලා  වැඩක් නැහැ!මීට මාස හයකට හතකට කලින් අපි කොහොමද හිටියෙ??පන්ති!පන්ති! පන්ති  වලට උදේ හවස බඩ ගගා, මහාමෙරු පර්වතේ වගෙ තියන සිලොබොස් එක කවර් කර ගන්න කොච්චර නැහුනද ? විභාග ලන් වෙද්දි විභාග ආතතිය. නෑදෙයො  ගෙදරට ආවම .

   "පුතේ,විභාගෙට ලැස්තිද? ලැස්තියි තේද?"

 "ඔය තමා ඊලගට ඉන්නේ.ඉතින් අම්මලාගේ තාත්තලගෙ බලාපොරොත්තු ගොඩ දාන්න ඔනේ කොහොම හරි"

 "බලන්න අර බප්පගෙ පුතා,අර නැන්දගේ පුතා ,එයාලා වගේ  උඩින්ම පාස් වෙන්න නේ.නැත්තන් නොන්ඩිය"

 ඔන්න ඔයවගේ  අහන ගොන් ප්‍රශ්න  නිසයි ,විකාර නිසයි තව තතියක් හැදෙනවා.ඒ තමයි "නෑදෑ ආතතිය".
ඇයි එයලා බලන් ඉන්නෙත් කියව කියව ඉන්න දෙයක් හම්බෙනකම්නේ.

    ඔය වගෙම තමා අර කොච්චර පාඩම් කරත් අමතක වෙන නිව්ටන්ගේ නියම වලටයි,ඉහේ කෙස් ගස් ටික පවා ක්‍රේල් වෙලා යනකන් හිතල හිතලත්  හදාගන්න බැරි වෙන අනුකලනේ ගනන් ටිකට හිර වෙලා තිබුණු හිතට ,වැලි කතරට පිනි බින්දුවක් ඉහින්නා වගේ අපි ඒ කාලේ කලේ ..
     
        "අම්මේ!තව මාස කීයද මේ දුක විදින්න තියෙන්නේ.." කියලා කියාගන්නා එක.(  ඒ විතරක් යැ ඔහොම කියා ගන්න ගමන් කියන්නේ)

"ඔන් බලපන් මන් විගෙ ඉවර වෙලා හොද ෆන් එකක් ගන්නවා. මේවටත් හරියන්න "

"ඔව් ඔව්.අපි සෙට් වෙමු හරිද?උඹ මටත් කකරපන් සල්ලි සල්ලි බලන්නෙ නැතුව හොද පාර්ටි එකක් දාමු.හොද ට්‍රිප් එකක් යමු? "

තව කෙනෙක් මෙහෙම කියනවා....

"මන් නම්  හොදට නිදා ගන්නවා.කනව බොනව.ටීවි බලනව නස්තාර් වෙන්න.ගේම් ගෙනල්ල ගහවා"

 ඔහොමත් කියගන්නවා.. ඇත්තටම අර වගේ  වෙලාවක හරියට පුන්චි ළමයි වගේ අපි මේ දේවල් කියගත්තෙ ලොකු කමකට නෙමේ!හිතේ තිබුණු බර සැහැල්ලු කර ගන්නත් එක්ක ..

   ඔය අතරෙ හිතේ බර නිදහස් කරගන්නම කියගන්නවමත් නෙමේ  ඉතින්.පාසැල් යන කලේ කරන්න බැරි වෙච්ච සමහර තරුණ ආසාවන් අළු යට ගිනි පුපුරු එළියට පනින්නා වගේ ඉතින්  හිතෙන් එළියට පනිනවා.

"මම මචන් විභාගෙ ඉවර වෙලා කොණ්ඩෙ වවනවා බන් මෙතනට"

තව එකෙක් කියන්ව

"මන් නම් බන් මේ බොඩිය හදාගන්නව ..උල මාව යෙ දකිද්දි බලපන් මන් ඉන්නෙ 6 පැක් ගහලා"

"මම මෙහෙ ඉන්නෙ නැහැ බන්.කොළඹ යනව ගිහිල්ලා ගින්දර වගේ කෑල්ලක් සෙට් කර ගන්නවා"


ඔන්න ඔය වගෙ අසාවනුත් තිබ්බේ නැතුව නෙමේ.ඒ වගේමයි ටිකක් මේවගේ දරුණු අසාවනුත් නොතිබුණාම නෙමේ අපේ සමහරක්ට.
කොහොම ඒවද ?

"අම්මාහ්!මම නම් කොළඹ ගිහින් ඉගෙන ගන්න ගමන්  පොඩි ජොබ් කට්ටක් හොයාගෙන ෆුල් ෆන් එක ගන්නවා.රෑට යිට් ක්ලබ් එකකට ගිහිල්ලා එහෙම "

"ඇයි පොඩ් අඩියක් ගහල සොමියක් දාලා"  ඔය වගේත් කතා වෙනවා සමහරු.
           
             හරි දැන් එමුකො වර්තමානෙට.කොහොම කොහොම හරි අමාරුවෙන් විභාගෙ පන්න ගත්තා කියමුකො!දැන් අර ඇගිලි ගැන ගැන හිටිය කාලෙත් ඇවිල්ලා සති තුනකටත් කිට්ටුයි.අනේ!කෝ අර කතා කල යළුවො ?කෝ අර කරනවා කිව්ව වැඩ.?
යළුවෙක්ට  කතා  කරොත් කියයි,

 "මචන් මම මේ අම්මලගෙ ගමේ ආවා බන් .හෙන චාටර් මෙහේ"

"අහ් මචන් උඹලා යමන් මගෙ අතේ සතේ නැහැ බන්"

   අනේ බලන්යද්දි අර සුන්දර කතා හොයාගන්නත් නැහැ.මේක නම් පුදුම වැඩක්!අර තිබ්බ හිතේ බර මදිවට දැන් ඊට වඩා දෙතුන් ගුණයක් වැඩි වෙලා.ඇයි දැන් එහෙන් රිසාල්ට්ස් එනකන් බලන් ඉන්නවා.ඊලගට කරන්නෙ මොකක්ද?මොන වගේ කෝස් ද හොද?මොනවගෙ ජොබ් හම්බෙයිද?
ඔය ඔක්කොම කරන්නත් පාස් වෙල තියෙයිද?

              ඔන්න ඔය වගේ මහා බැරෑරුම් ප්‍රශ්න වලට දැන් මූණදෙන්න වෙලා තියෙන්නේ ....
හරි පුදුම වැඩේ කියන්නේ,ඉස්සර බලන්න ෆිල්මුත් ඕනෙ තරම් තිබ්බා.දැන් බලන්න එකක්වත් නැහැ.
 වැඩිය ඔනේ නැහැ මම අදත් මේ ගෙම් එකක් ගෙනාවා එක ඉන්ස්ටොල් කර ගන්න බැරුව උදේ ඉදන් දගල දගල හිටිය...



   ඉතින් මට මෙහෙම එකක් ඔයලට කියන්න හිතුනෙ ඒ නිසයි.ඒ වගෙම දැනෙන කම්මැලිකම නැති වෙන්නත් එක්ක දැන් ඉතින් ජීවිතේ ඉතුරු කාලෙත් මීට වඩා වගකීම් සහිතව බැරැරුම්ව හොදට හිතල බලලා ගෙවාපල්ලකො ..අපේ හිතේ තියන මොන මොන සිහින බලාපොරොත්තු තව බොඳ වෙලා යයි ද?
                                                        ~ඉලන්දාරියා~