ඉලන්දාරියා ගැන....


ඉලන්දාරියා ගැන දැන ගන්නනේ මේ පිටුවට ආවේ......
හෙනම් අහගන්න.

       ඉලන්දාරියා කියන්නේ අනුන්ගෙ දැරියක් ඉල්ලා ගන්න පුලුවන් වයසක ඉන්න තරුණයෙක්ට.
 ඉල්+ අන් +දැරි  කියන එක තමා ඉලන්දාරි උනේ.
          මම උප්පැන්නෙ තියන නමින් නම් නවංග පසිඳු හේවාඋළුවත්ත. උප්පැන්නේ තියන නමින් කිවීවේ මට ඉතින් වෙන නම්,නම් ගොඩක් නැහැ...මට හෙම පාසල් යන කාලෙවත්  හෙම යාළුවො විහිළුවට නමක් දලා නැහැ.ඒ උනාට මම ආස කරන නමක් තියවා.මට "නවී "(navee)කියලත් කියනවා.ඇයි දන්නවද  ඒ නමට ආස?මට ඒ නමින් කතා කරන්නේ මගේ හොදම යෙහෙළියො ටික.
         ඉතින් ම ඉගෙන ගත්තේ දකුණේ ප්‍රසිද් පාසලක් වන රිච්මන්ඩ් විද්‍යාලයේ.උසස් පෙළ ගණිතය විය ධාරාවෙන් හැදෑරුවේ.පදිංචිය ගාල්ලේ.ඉලන්දාරියා තමා පවුලෙ බාලයා;එහෙමත් නැත්තම් බඩ පිස්සා....

 මම ගැන කියනවා නම්,මටම මාව තේරුම් ගන්න බෑ.හැබැයි මම දන්නවා මගේ අම්මගේ මනුස්සකමයි,තාත්තාගේ පැත්ත ගියත් ඇත්ත කියන,කරන දේ කියන,කියන දේ කරන ගතිගුණ යි,මටත් ගෑවිලා තියෙව කියලා.මම හරි හොඳයි.ඒ වගේම මට වැරුද්දක් කලොත් බොහොම දරුණුයි.ගොඩක් නපුරුයි.ඊරිසියාව,වෛරය,ක්‍රෝධය මගේ හිතෙත් නැතුවම නෙමේ.මොකද මම තාම සෝවාන් වෙලාවත් නැති නිසා.
        ආදරේ  කියන දේ යම්තාක් දුරට තේරුම් ගත්ත. දරේට ගොඩාක් දරේ කරන,වැඩිය ලොකු  ෂෝ නැති සරල කෙනෙක් .හැබැයි හිතුනොත් දෙයක් කරන ,නේ උනොත් මොන ලෝකෙන් හරි  නේ දේ ලබාගන්න කෙනෙක්.උත්සාහවන්ත,මං විසින් හදා ගත්ත මගේම ප්‍රතිපත්ති කිහිපයක් පමණක් පිළිපදින කෙනෙක්.
   වෙලවකට තනි වෙලා ජීවිතේ ගෙවන්න කැමති ,එත් වෙලාවකට යළුවො එක්කම ඉන්න කැමති ,ඉලන්දාරි වයසෙ ඉන්න කඩවසම් තරුණයෙක්...                                                                           
                                                                                                               

 ස්තූතියි!
 මෙය කියවන ඔබ සැමට.

මීට, 
ඉලන්දාරියා

                                                                                     ,                                    

No comments:

Post a Comment