Thursday, October 18, 2012

පිටසක්වළ යානා බ්‍රහස්පති පසුකොට හමාරයි


                              
 "පිටසක්වළ අභ‍ය්‍යවකාශ යානා පෘථ්විය දෙසට පැමිණෙමින් තිබෙන අතර ලබන නොවැම්බර් පෘථ්වියට ලගා වනු ඇත.මෙවයින් විශාලතම යානා පළලින් සැතපුන් 200 පමණ වේ. අනෙකුත් යානා දෙක ඊට වඩා ප්‍රමාණ්යෙන් කුඩා වෙයි.ඉතා වේගයෙන් පෘතුවිය දෙසට පෙමිණෙමින් තිබෙන මේ යානා මේවන විට බ්‍රහස්පති ග්‍රහයා පසු කොට හමාරය.එම යානා ගමන් කරන්නා වූ වෙගය සලකා බලන්ව විට ඒව මෙම වසරේ (2012)නොවැම්බරයේදී පෘථ්විය්ට ළගා වනු ඇත."       


ඉහත දැක්වෙන්නේ පිටසක්වළ යානා හා පිටසක්වළ ජීවින් පිළිබද ඇමරිකාවෙහි ප්‍රසිද්ද වෙබ් අඩවියක වූ එක්තරා පුවතකි.පිටසක්වළ වන එකී පුවතට අනුව පෘථිවිය දැඩි අනතුරකට මුහුණ පා තිබේ. පිටසක්වළ ජීවින් පෘථිවිය ආක්‍රමණය අත ළගය.

   පිටසක්වළ ජීවින් කවරෙක් දැයි තවමත් හරි හැටි නොදන්නා අවදියක  මෙවැනි පිටසක්වළ ජීවින් පෘථිවිය ආක්‍රමණය අත ළග බව කන වැකීම පෘථිවසීන් භීතියට පත් කරවන කරනයකි.

---------------------------------------------------------------------------------
ඒ මම සදහන් කළේ  පිටසක්වළ ජිවීන් පිළිබදව ලන්කාවේ පුවත් පතක පළ වුනු ලිපියකින් උපුට ගත්ත කොටසක්.
   
මේක දැකල සමහරු පුදුම වෙන්න ඇති ,සමහරු ඔන්න පචයක් කියලා හිට්නන්න ඇති, තවත් සමහරු බයවෙන්නත් ඇති.කොහොම හරි වෙතත් මමත් මේ පුවත අන්තර්ජාලයේ කීප පලකම දැක්කා.ඉතින් මේ පුවත ඔයාලට කියන්න හිතුවේ එකක් පෙර සුදානමකට හොද නිසාත් අනිත් එක මට තියන මේ පිස්සුව ඔයාලටත් හදවනන් ඔනේම නිසාත් මම අද මේ විශය තොරා ගත්තා

    ඉලන්දරියා පොඩි කලේ ඉදන් මේ පිටසක්වල ජීවීන් ගැනයි හොල්මන බුත අවතාර ගැනයි හොයන්න බලන්න දකින්න  අසාමන්‍ය විදියට අසා කලා.ඒ අතරින්  බුත අවතර හොල්මන් ගැන හොයන්න බලන්න ටිකක් බයක් දැනුන නිසාම මම පිටසක්වල ජීවින් කියන විශය පැත්තට ගොඩාක් නැඹුරු උනා.අසා කරා .පුළු පුළුවන හැම වෙලාවකම අන්තර්ජාලයෙන්,පොත් පත් වලින් ,පත්තර වලින් බොහෝ දේ සොයා ගන්න සමත් උනා.කොහොම වෙත්ත පිටසක්වල ජීවින් ගැන තිබ්බ පිස්සුව නම් අඩුවක් උනේ නැහැ.

      ඉලන්දාරියට ලොකු සහොදරයෙක් හිටියා.දැනුත් ඉන්නවා මිනිහ දැන බැදල ඒහෙම ලොකු මිනිහෙක්.ඉතින් මට මතකයි මම "ඇච්චාකලේ " දැන්නේ "ඉලන්දාරිය" නැත්තන් ඇච්චා තමා තාමත්.ඔය කලේ අපේ ලොකු එකාටත් ඔය පිටසක්වල ජීවීන් පිස්සුව තිබ්බා. දවසක් ඔන්න මට මතකයි අපෙ අම්ම බෙරිහන් දේනවා එළිය බලාගෙන.ඇච්චාත් ගියා ඉතින් ඇයි බලන්න බැළින්නම් අපේ ලොකු එකා අම්මාගේ බෙලෙක් පිගන් දෙකක් අරන් එක පිට එක ටියල  පියාබන පිරීසියක් වගෙ හදලා එක පස්සලා  ලයිට් අහෙමත් දලා එක උඩ අරින්න හෙන ට්‍රයි එකක් දෙනවා. 
           
       පොඩි උනට මට පෙනුනා මිනිහා කරන්න ගිය වැඩේ නිර්මාණශිලියි  කියලා.ඒ කලෙ අර X files  කියලා එකක් ගියානේ ඔකත් මයි අයියයි බැලුවා බෙලුවා පන දාගෙන ඔය වගේ පොඩි පොඩි සීන් නිසාම වෙන්න ඇති මට ලොකු වෙලත් මෙ පිස්සුව ගැහුවෙ.දැන් හොද දැනිමක් අවබොදයක් තියන්වා ඒ මේ විශය ගැන තියනවා.ඉලන්දාරිය උසස් පෙළ කේවළ ව්‍යාපෘතියට පවා පිටසක්වල ජිවීන් ගැන තමයි කලේ එකත් අතිසාර්තක උනා.
     දෙන් අපි හදුන ගනිමු ..මේ පිටසක්වල ජීවින් යනු වෙන් හදුන්වන්නේ කවුරුන්ද? 
පිටසක්වල ජීවින් යනු පිටස්ත භෞමික ලොකයක වසය කරන,පරිවෘතිය ක්‍රීයාවන් හා වර්ගයා බෝ කිරීම කරන්නා වු යම් ජීවින් කොට්ටාසයක් "පිටසක්වල ජීවින්" ලෙස අර්ථකතන්ය කල හැක.මේ අර්ථකතන්යට අනුව මේ ජීවින් කොට්ටාසය ..අත් පා හිස ඇති අය හෝ මිනිස් ශරියට සමාන ශරිරයන්ම තිබිය උතු නැත. ඒ ජීවින් කුඩා ශෘද්‍ර ජීවින් වැනි අය වන්නට පුලුවන්. 
      මා තරයේ මේ "පිටසක්වල ජීවින්" විශ්වාස කිරීමට මූලාශ උනු නිගමයන නැත හොත් තර්කය මා සරලව සහ කෙටියෙන් ඔබට මෙසේ ගෙන හැර දක්වන්නට උත්සාහ කරන්නම්.

    *************************************************
        පැහැදිලි රෑයක නග්න ඇසින් (ආධාරක උපකරණ් රහිත ඇස )තාරකා 4,500 ක් පමණ දැකගත හැකි බව තාරකා විදය්‍යානයෝ පවසති. කුඩා අවකාශ වස්තු නිරීක්ෂණාගාරයක පවා ඇති දුරදක්නයෙන් තාරකා 20 මිලියනක් පමණ පෙනෙන්නට සැලැස්වෙයි. තවත් වැඩි දියුණු කල දුරදක්න වලින් බැලූ කල තරකා මිලියන දහස් ගනන්ක් නිරීක්ෂණය කල හැක, ඒවා ක්ෂිර පථයේ අලෝක ලප වෙයි.මේ ක්ෂිර පථයේ මන්දාකිණි 20 ක් වෙයි.මේ මන්දාකිණි තුල සුර්යයා ගෙන් වට වු විශ්වයන් විශාල ගන්නක් වෙයි.


  අපගේ දුරදක්න පරාසය තුල 1020 (දහයේ විස්සේ බලයක් ) ක් පමණ තිබෙන බව තරකා විදය්‍යාන හා(ර්)ලෝ ෂැප්ලී පවසයි.මේ ඇස්තමේන්තුව ගැන තව දුරටත් සිතා බලමින් තරකා දහස් ගණනකින් එකක් පමණක් ජීවයට අවශය්‍ය තත්වයන් ඇතැයි සැක කරන්නේ නම්, ඒ ගණනය කිරීමට අපට ලැබෙන සන්‍ය්කයාව  1014 වේ. "එසෙ නම්මේ තාරකා  1014 අතරින් 103 කට ජීවයට අවශ්ය සාධක ලබා දිය නොහෙකි යැයි සිතුවහොත් ,තවත් 1011  ඇදහිය නොහැකි තරම් තරකා ප්‍රමාණයක් ඉතිරී වේ..මේ ග්‍රහයන් දහසකින් එකක පමණක් ජීවය නිපදවෙන්ට ඇතැයි සිතුවහොත් ,ඒත් ජීවය පවතිනු ඇතැයි සිතිය හැකි ග්‍රහයන් 100 මිලියනක් පමණ වේ.මේ උපකල්පන සිදුකර ඇත්තේ අදට පවතින දුරද්ක්න මූලික කරගෙනය,ඒසේ නම් ඔබ මතක තබා ගත යුත්තේ මෙවා නිරතුරුවම වැඩි දියුණු වෙන බවයි...

                                   
 එසේ නම් මා නැවත නැවත පුන පුනා කියා සිටින්නේ " පිටසක්වල ජීවින්" යනු තවමත් හුදු මනක්~ කල්පිත අදහසක් නොවන බවයි......
 ඔවුන් මතු දිනක නොවරදවාම අප සොයා පැමිනේවි, නැත හොත් අප ඔවුන සොයා යාවි.....

                                     


      

5 comments:

  1. අඩෝ බයකරන්න එපා හරිද... මේ ආවත් කමක් නැහැ.. මමනං පිටසක්ක්වල කෑල්ලක් සෙට් කරගන්නවා... එල එල

    ReplyDelete
    Replies
    1. හේ හේ බය වෙන්න ඔන..අපි එච්චර ගනන් නොගත්තට අපිට පෙනෙන ලොකෙන් එහා බොහොදේවල් සිද්ද වෙනවා යලු

      Delete
  2. අදයි මේ පැත්තට ආවේ.බ්ලොග් ලෝකෙට හු‍රුපුරුදු නමක්නේ ඔයාට තියෙන්නේ...
    සුභ පැතුම් යාළු..බට්ටිත් ඉඩක් ලැබෙන විදියට ඇවිත් යන්න එන්නම්.....ජයවේවා...!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි,සුභ පෙතුමට බට්ටී.නොවරදවාම අවිත් යන්න ,වැරදි අඩුපාඩුත් කියලම යන්න ,අහෙම දෙයක් මටත් අහන්න ලැබුනා

      Delete
  3. සම්පුර්ණ කියවන්න බැරි උනා.මම යනවා දුවන්න.දැන් පරක්කු උනෝ.ඔබට ජය!
    http://manasindiviyata.blogspot.com/

    ReplyDelete