නෑ..වෛරය,ඊරිසියාව,තණ්හාව,සැකය,විරහව,තනිකම වගේ මේ හැමදෙයක්මත් හරියට පදමට තිබ්බාම තමා නියම ආදරයක් කියන්නේ...
ඉතින් ඔය ආදරේ කියන වචනේ තේරුම් හරියටම තෙරුම්ගත්ත ගොඩක් අය .ඉලන්දාරියා වටේ ඉන්නවා.ඉලන්දාරියත් එහෙම කෙනෙක්!කියන්නේ ආඩම්බරයෙන්(එක වෙනම කතාවක්) .ඉතින් සමහරු ඔය ආදරේ බොක්කෙන්ම කරනවා,ආදරේ වෙනුවෙන් නොකරන දෙයක් නැහැ.ආදරේ මුළු ලෝකෙම කර ගන්නවා..තමන්ගේ ඉතිරි කර ගත්ත සල්ලියක් තියේ නම් ඒවා වියදම් කරන්,ගෙවල් වලින් බැණුම් අහන්,යළුවන්ගෙන්,ගුරුවරුන්ගෙන් කථා අහන් තමා මේ ආදරේ කරන්නේ.තවත් සමහරු ආදරේ කරන පෙම්වතියව හෝ පෙම්වතාව පොඩ්ඩක් දැක ගන්න සෑහෙන්න මහන්සි වෙනවා.ගෙවල් වලට බොරු කියලා අද මේ වෙලාවට clz එකක්,අතන clz එකක් කියලා ගෙදරින් පැන ගෙන එනවා.සමහරු එයා එන්නේ 8 ට නම් 7 ඉඳන් වත් ඇවිල්ලා ඉන්නවා.අනේ!එහෙම ආවත් බලන්න අපු කෙනා එනකන් එක්කො bus හෝල්ට් ගානේ bus stand ගානේ රස්තියාදු වෙලා වෙලා තමා බලා ගන්න වෙන්නේ.එකත් ඉතාම සුළු මොහොතක් තමයි..එක්කෝ එයා එදා clz ඇවිල්ලා නෑ .ආවත් වෙන පාරකින් ගිහින්.එහෙමත් නැත්තම් ගෙදරින් එද්දි ලස්සනට ඇදන් සුවඳ විලවුන් දාගෙන අවත් අනේ බලන්න අපු කෙනා හැරිලවත් බලන්නෙ නැහැ.
ඔය වගේම තමා දැන් මේ මුහුණු පොතේ, නැත්නම් (facebook) එකේ චාටර් වෙන්නෙත්!ඔන්න එයාල මෙහෙමයි.


ඉතින් පෙම්වතුන්/පෙම්වතියන් ඉන්න අයට පවා නොනවත්වා ආදරේ කරන, එයාලා වෙනුවෙන් හිතින් මැරි මැරි ඡිවත් ,වෙන එයාලා වෙනුවෙන් ඕනම දෙයක් කරන්න පුළුවන්,ඡිවීතේ උනත් කැප කරන්න පුළුවන් අය ඉද්දි ......ඇයි දෙවියන් මේ වගේ අයටම පිහිට වෙන්නේ නැත්තේ?????/ඇයි දෙයියනේ මෙහෙම අයටම දුක දෙන්නේ ????
දෙයියෝ අවංක කුළුදුල් ආදරයට වෛර කරනවා ද?? ?
නැත්තන් ආදරේට දෙයියෝ නැද්ද??