Tuesday, September 4, 2012

මදුවිතින් මත් වෙලා.... (මා සවනේ ගැටුණු සංවේදීම සිදුවීම)

             මගේ 3න් වෙනි post  එක පළ වීමත් එක්කම ගොඩාක් දෙනා මට එක හිතින්ම සුභ පැතුවා.එයාලට දස දහස් වාරයක් ස්තූති පුද කරනව.ඒ ගොඩාක් වා ඉලන්දාරියගේ බොක්කටම වැදුනා කියලත් මතක ඇතුවම කියන්න ඔනේ.ඒ වගේම  ඉලන්දාරියාගේ  හෙවනැල්ල වගේ ළගින්ම ඉන්න  "ඇයටත්" අකුරු වල අඩු පාඩු අවම කරලා නිවැරදි  post එක පළ කරන්න උදව් වෙනවට ගොක් පිං කියලා කියන්නම නේ.
මේ බොලොග් එකට කැමති අය වගේම,අකමැති අයත් ඇති.එයාලත් දකින අඩුපාඩු මුණටම කියලා දානවා නම් කත් ලොකු හයියක් වෙයි.  මට එහෙම කියද්දි  මේ කත් මතක් උනා.. 

    " හොඳ පොතක් කියන්නේ කැඩපතක් ,ඒ කැඩපතට බුරුවෙක් එබුනොත් දේව දුතයෙක් බලාපොරොත්තු වෙන්න එපා "  
                                                       කියලා කියමනක් මං අහලා තියනවා.

දැන් කෙලින්ම කතාවට බහිමුකෝ!

            ඔන්න මේ කියන්ට යන සිදුවීම කොහෙන් හෝ උපුටා ගන්නා ලද හෝ නිර්මාණය කරන ලද කතාවක් නම් නෙමේ කියලා මුළින්ම කියන්න ඕනේ.ඉලන්දාරියා ට ඔහුගේ මාමා කිව්ව  සත්‍ය සිදුවීමක් වගේම ඉතා සංවේදි සිදුවීමක් නිසාම මේක ඔයාලත් එක්ක බෙදා ගන්න හිතුවේ. ඒ වගේම ඇසින් දුටු සිද්ධියක් නොවෙන නිසා ලිඛිත භාෂාවෙන්ම ඉදිරිපත් කිරීමට බලා පොරොත්තු වෙනවා.

ප්‍රසිද්ධ ගීතයක පද පෙලෙන්ම පටන් ගනිමු...
   

මේ  ලෝක තලයේ..
නොමිනිසුන් සමගින් ඇසුරේ 
ගෙවුනිසයි මා ..ගේ ජිවේ  
මේ ලෙසින් අදුරේ
මදුවිතින් මත් වෙලා කෙලෙසුවා මිනිමරා  
ගැලවිලා එන්න බෑනේ අම්මේ...
අදුරු වීලා මගේ ලොකේ ...
  


(මෙහි "ඔහු" නමින් හැදින්වෙන්නේ ඉලන්දාරියාගේ මාමා බව සළකන්න)

      ටවුමට ගිය ඔහුට හදිසි වැඩක් සඳහා ප්‍රසිද් පොත් සාප්පුවකට ගොඩ වෙන්නට සිදු විය .පොත් සාප්පුව ඉදිරිපිටම ආපු ඔහුට සාප්පුව ඇතුළට යන්න අඩි කිහිපයක් පමණයි ඉතිරිව තිබුණේ.ඒ අඩි කිහිපය තියන්න පෙර ඔහුගේ කණ ගැටුණේ විලාප හඩක්.ඒ හඩේ අසරණ කමකුත්,දරා ගන්න බැරි තරම් වූ වේදනාවකුත් මුසු වෙලා  තිබ්බ නිසාදෝ ඔහු ඉදිරියට තිබූ පියවර කිහිපය ආයේ පස්සට තිබ්බේ  ය.ඒ හඩ ඇහුණු දිශාවට මොහොතක් ඇස් හරවා බැලු වහා පෙනෙන්නට  තිබූනේ ගරා වැටෙමින් තිබෙන ගොඩනැගිල්ලකි.එහි බැල්කැණියේ කොණක වන්නට තිබ්බ බිත්තියත්,පොළවත් ගෑවෙන විදියට කුදු වෙලා වාඩිවෙලා  හිටියේ මහළු  කන්තාවකි.ඇයට පෙනුමෙන් නම් තිබුනේ කෙසඟ ශරීරයක් .එත් රැලි වැටී ගිය අසරණ මුහුණ කඳුලින් සේදෙමින් තිබුණා.අනේ මේ විලාපදිදී අඞන අම්මාගේ ඉස්සරහ හිටියේ මෝල් ගහක් අතේ තියාගත්තු පිරිමියෙක්.අවුරුදු 27ක්,28ක් වගේ වයසක් පෙනුනත් ශරීර කූඩූව නම් වැහැරී ගොස් තිබුණි.ඇස් ගිලී තිබුණු අතර  රතු පැහැ ගැන්වී මිය යමින් පැවතුණි.

           පෙර කී තරුණයා අතේ තිබ්බ මොල් ගහෙන් අර අහිංසක අම්මාට පහර දෙමින්  සිටියේය.ඔය අතරේ අපේ මාමා මේ වෙන සිද්ධිය දිහා බලා සිටියේ ය.වට පිටාවෙ හිටිය පිරිසත් තුෂ්නිම්භූත වී බලා සිටිති.මාමාට මේ වෙන දේ බලාගෙන ඉන්න බැරිමකමට ගලක් හරි අරන් අර තරුණයට  ගහන්න තරම් හිතුණි.නමුත්  එතන හරියටම  මොකක්ද වෙන්නේ කියල හරියටම  දැනගෙනම ගන්නා පියවරක් ගත යුතුයි කියා ඔහුට සිත් විය.ඒ නිසා ලඟම හිටිය පුද්ගලයගෙන් මේ ගැන දැන ගැනීමට මෙසේ ඇසුවේය."උන්නැහේ මොකෝ අර අහිංසක අම්මට අර මිනිහා ගහන්නේ "
    (ඉන්පසු  අර පුද්ගලයා කිව්වෙ මොකක්ද කියල ඇහුවම මාමාට කර කියාගන්න දෙයක් නැති විණී .උන් හිටි තැන් පවා අමතක විය.තවමත් අපේ රට බුදුන් අදහන රටක් නේද කියලා ඔහුට සිතුනා.ඔබටත් මෙ අදහා ගන්න රිබැවේව්.).ඒ පුද්ගලයා මාමා දෙසට හැරී ඔලුවේ අත තියන් මෙහෙම කීයන්නට උනා.

"ඔය  අපේ ලොකු එකා මහත්තය.ඔය ගෑනිට මම කිව්ව කට සල්ලි කියක් හරි තියේනම් දීලා  දාන්න කියල".එහෙම කියලා මොහොතක් නිශ්ශබ්දව ඉදල,ඔහු යෙ මෙහෙම කිව්වා "කා ඔය පෙරේදා හිරෙන් නිදහස් වෙලා වේ.දැන් අයෙ කුඩු ගහන්න සල්ලි ඉල්ලා ව දසමසක් බඩේ තියන් හදල,උස් මහත් කර අම්මට ගහනවා ."
       මේ සිදුවීම මොහොතකට ඔබගේත් මගේත් හ සසළ කලා වන්නට පුළුවන්.ඒ ඔබත් මමත් අප සියළු දෙනා,මව් කිරි බී උස් මහත් වූ අය නිසා ය.ඒ මව් කිරිවල ගුණ සුවද අප හට අමතක කල නොහැක.අමතක වන්නේද නැත.

 කෙසේ වෙතත් ඔබ පෙර  සදහන් කල තරුණයාට සිතින් බොහෝ සෙයින් දොස් නගන්නට ඇත.ඌ මහා තිරිසනෙක්,කාලකන්නියෙක් ,අනුස්සයෙක් කියා හිතින් බනින්ට ඇත.එහෙත් අප කළයුතුව ඇති කාර්ය එය නොවේ.අප කළ යුත්තේ,මව් කිරි සුද අමතක වීමට,එහෙමත් නැත්නම් දෙවැනි බුදුන් ලෙස ලොවම උවම් කළ,ලොව පිදූම් ලද,ලොවට උතූම් ළඳ වන අම්මාට මෝල් ගහෙන් ගසන සමාජයක් බිහිවීමට  හේතුව වටහා ගැනීමයි.
    මේ මොහොතේ මෙ ලිපිය කියවන ඔබත් නිසැකවම "සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදන් සමාදියාමි"යන සිල් පදය කඩා ඇත්තෙක් වන්නට පුළුවන්.
එහෙනම් ඔබ මොහොතකට පෙර තිරිසනා,කාල කන්නියා කියා බැන්න පුද්ගලයා හා ඔබ අතර වෙනසක් නොමැති බව සිහි තබා ගත යුතුය.ඔහු මෙන්ම ඔබත් යම් දිනක එලෙස තම මවට ,භාර්යාවට,තම දියණියට සළකන්න ඉඩ ඇත.ඒ ඔබ  මව් කිරි සුවඳ අමතක කරවන ලෝකේ ඇති කාලකන්නිම ජාතිය ,නැතිනම්  මිනිසා නොමිනිසෙක් කරන ජරාම ජාතිය  වන "සුරාව" පාවිච්චි කරන කෙනෙක් නිසා ය.   
        මේ වර්තනමා සමාජයේ බොහෝ දෙනෙකු සිතන්නේ බොහොමයක් ප්‍රශ්න වලට පිළිතුර සුරාව යන්නයි.සිත දුකෙන් තැවුලෙන් ඇති විටෙක "අඩියක් ගැසූ විට සියල්ල හරි" කියා සිතන සමහර මෝඩ තකතීරු කාල කන්නිද අප සමාජයේ දක්නට ලැබේ.

           ඒ අතරෙම දැන් අලුත් පරපුරේ බොහෝ දෙනා සිතන්නෙ තමන් "වැඩර් "කෙනෙක් වෙන්න නම් බොන්නම ඕනෙයි කියාය.තවත් සමහරු සිතන්නේ අවුරුදු 18 පැන්න ගමන් තමන් නියම වැඩිහිටියෙක් වන්නේ "පොඩ්ඩක් ගැහුවොත්"තමා කියා ය.තවත් සමහරු සිතන්නෙ,බ්යර් එකක් වත් බොන්නෙ නැත්තන් "ඌ මහ ගෑණියෙක්" කියා ය.මෙසේ සිතන අය  බොහොමයක් දෙනා ඔබ,අප අතර දැක ඇතුවාට කිසිම සැකයක් නැත..

       කවර තැනක හෝ සිදු වෙන වැරැද්දකින් මෙවන් සමාජයක් බිහිවෙමින් පවතී.මේ වැරැද්ද කොතැනදැයි සොයා බැලීම මුළු මහත් සමාජයේම වගකීමකි.නැතහොත් ඊලගට ඉලන්දාරියාට ලිවීමට සිද්වන්නේ ඔබ ඔබේ පියාට පහර දීමක් ගැන හෝ ඔබේ පුතු ඔබට පහර දීමක් ගැනය.
    ඔබ මේ ලිපිය කියවන විට යම් දෙයක් හිතට දැණුනා ද?ඔබත් පස් වන සිල් පදය කඩන අයෙක් නම්,අද සිටවත් එම දුසිරිතෙන් මිදීමට අදිටන් කරගන්න! නැතිනම් පෙර කී  නම්වලින් ඔබ ඔබටම ආමන්ත්‍රණය කර ගන්න!


                                                                              ~ඉලන්දාරියා~

12 comments:

  1. නියම පෝස්ට් එකක්, අදමයි මේ පැත්තට ආවෙ. ආයිත් එනවා, දිගටම ලියන්න. ජය.

    ReplyDelete
    Replies
    1. අනේ බොහෝම ස්තූතියි... බොහෝම ස්තූතියි.. නොවරදවාම එන්න.අඩු පාඩු කියල යන්න.

      Delete
  2. This comment has been removed by a blog administrator.

    ReplyDelete
    Replies
    1. නැහැ මචං දැන් දැක්කේ ..same names

      Delete
  3. ගොඩාක් හොදයි.හරිම ආදර්ශමත්!දිගටම ඔය වගේ සමාජයට පණිවිඩයක් දෙන දේවල් ලියන්න.අපි නිතරම මේ පැත්තට එනවා!අමතක කරන්න එපා!ඔබට ජය!

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තූතියි.. නොවරදවාම එන්න

      Delete
  4. කුඩු වලට ඇබ්බැහි උනොත් ජීවිතෙම විනාසයි

    ReplyDelete
    Replies
    1. එක නම් ඇත්ත.අම්මට ගහන සමාඡයක් බිහි වෙලා....

      Delete
  5. නියමයි.ගොඩක් හොද ආද්ශමත් ලිපියක්.කොහමත් මත් පැන්,මත් කුඩු ජීවිතයේ විනාෂයම තමා.දිගටම ලියන්න.ජය!

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තූතියි.. දිගටම ලියන්නම් දිගටම එන්න ඇවිත් අඩු පාඩුත් කියල යන්න.

      Delete